ලොව පුරා ළමුන් වෙත යුද ගැටුම් හේතුවෙන් සිදුව ඇති අහිතකර බලපෑම 2024 වසරේදී විනාශකාරී මට්ටමක් දක්වා ළඟා වී ඇති බවත්, එය වාර්තාගත ලෙස ඉතා අවදානම් තත්ත්වයක පවතින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඊයේ (28) ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ඇස්තමේන්තු අනුව අන් කවරදාටත් වඩා එම වසරේ දී ළමුන්, ගැටුම් කලාපයන්හි ජීවත් වීම හේතුවෙන් හෝ ගැටුම් හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වීම හේතුවෙන් බලහත්කාරයෙන් අවතැන් ව ඇත. ඒ අනුව 2024 වසරේ දී ගැටුම් හේතුවෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනය වූ ළමුන් සංඛ්‍යාව වාර්තාගත මට්ටමක් කරා ළඟා වී තිබේ. “අයිතිවාසිකම් උල්ලංඝනය” යන්නට ගැටුම් හේතුවෙන් මරණය හෝ තුවාල සිදු වීම, පාසල් අධ්‍යාපනය අහිමි වීම සහ දරුණු මන්දපෝෂණය ද ඇතුළත් වේ. මෙම සංඛ්‍යාලේඛනයේ දත්ත ඉදිරියේදී තවදුරටත් සංශෝධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය