පසුගිය 5 වැනිදා, චීනයේ අනතුරු ඇඟවීම් නොතකා පිලිපීන නෞකා හතරක් අත්තනෝමතික අයුරෙන් Ren’ai ගල්පර ආශ්‍රිත ප්‍රදේශයට පිවිස නීතිවිරෝධීව නැංගුරම් ලා තිබෙන එහි යුධ නෞකාවට නඩත්තු ද්‍රව්‍ය සැපයීමට උත්සාහ කර ඇත. චීන සමුද්‍ර පොලීසිය නීත්‍යනුකූලව මෙම පිලිපීන නෞකා හතර පළවා හරිමින් ජල විදීමක් එල්ල කළේ ය.
මේ පිළිබඳ පිලිපීන විදේශ අමාත්‍යංශය පෙන්වා දුන්නේ, චීනය සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ දකුණු චීන මුහුද පිළිබඳ අදාල බේරුම්කරණ තීන්දුව උල්ලංඝනය කර ඇති අතර, පිලිපීනයේ ස්වෛරී අයිතිවාසිකම් සහ අධිකරණ බලය ද උල්ලංඝනය කර ඇති බවයි.
පිලිපීනයේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කළේ, Ren’ai ගල්පර චීනයේ Nansha සමූහ දූපත් වල කොටසක් බවයි. Ren’ai ගල්පර ආශ්‍රිත ප්‍රදේශයට පිවිස නීතිවිරෝධීව නැංගුරම් ලා තිබෙන යුධ නෞකාව ඉවත් කර ගන්නා බවට පිලිපීන පාර්ශ්වය නැවත නැවතත් පොරොන්දු වී ඇති නමුත්, වසර 24ක් ගතවී ඇතත් පිලිපීනය තම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී තිබේ. එපමණක් නොව, Ren’ai ගල්පර සදාකාලීනව සියතට ගැනීමේ අරමුණෙන් යුක්තව, පිලිපීනය මෙම යුධ නෞකාව මහා පරිමාණයෙන් අලුත්වැඩියා කිරීමට තැත් කර ඇත. පිලිපීන පාර්ශ්වයේ ක්‍රියාව, ජාත්‍යන්තර නීතිය මෙන්ම, චීනය සහ ආසියාන් රටවල් අතර අත්සන් කෙරුණු දකුණු චීන මුහුදට අදාළ පාර්ශ්වයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රකාශනය ද බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. Ren’ai ගල්පර ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා, එහි පිවිස නීතිවිරෝධීව නැංගුරම් ලා තිබෙන යුධ නෞකාව ඉවත් කර ගන්නා ලෙස චීනය යළිත් පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
යුධ නෞකාව ඉවත් කර ගන්නා ලෙස චීනයෙන් යළිත් පිලිපීනයට ඉල්ලීමක්

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි