යුරෝපයේ මහා චෛත්‍යයට මුල්ගල තැබේ

යුරෝපයේ ඉදිවන විශාලතම බෞද්ධ විහාරස්ථානය , එංගලන්තයේ බර්මින්හැම් නගරයේ ඉදි වෙමින් පවතිනවා .ඒ බර්මින්හැම් මහා විහාරයයි .විශාල වැඩ කොටසක් මෙවනවිට අවසන් කර ඇති අතර සිව්වන මහලෙ ඉතා විශාල චෛත්‍ය රාජයානන් වහන්සෙගෙ ඉදිකිරිම් කටයුතු හෙට(05) ආරම්භ කිරිමට නියමිතයි.

එංගලන්තයේ දෙවෙනි විශාලතම නගරයේ ඉදිවන මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීම් ආරම්භ කිරිම කටයුතු හෙට සිදුකෙරෙන්නෙ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිණියගෙ ප්‍රධානත්වයෙන්.

විහාරාධිපති ආචාර්ය විතාරන්දෙනියේ කස්සප ස්වාමීන් වහන්සේ පවසන්නේ ලෝකවාසී සියලු ම බෞද්ධ පින්වතුන්ගේ ආධාර මත මෙය ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි .ලෝකවාසි සියලු දෙනාට මෙ ඉදිකිරිම් වෙනුවෙන් ආධාර කිරීමට හැකියාව පවතිනවා.

බ්‍රිතානය ඇතුලු යුරෝපය පුරා බුදු දහම 1992 පමන පටන් ප්‍රචලිත කිරිමට මහත් සෙ කැප වි ක්‍රියාකරන විහාරාධිපති ආචාර්ය විතාරන්දෙනියේ කස්සප ස්වාමීන් වහන්සේ පවසන්නේ
මෙම විහාරස්තානයෙ සම්පුර්ණ ඉදිකිරිම් වෙනුවෙන් ස්ටර්ලින් පවුම් මිලියන 2ක් පමන මුදලක් වැය වෙනු ඇති බවයි.

චානක අරවින්ද

WP Twitter Auto Publish Powered By : XYZScripts.com