යුරෝපයේ වාර්තා වන ආසාදිතයින් ඉහළ නගී

යුරෝපයේ සතිපතා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා සතියකදී වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හමුවී ඇත්තේ පසුගිය සතියේ දී යි. නව දත්තයන්ට අනුව පසුගිය සතිය තුළදී පමණක් යුරෝපා කලාපයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්නයි.

එමෙන්ම එම දින හත තුළදී කොරෝනා මරණ විසි හත්දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. එය ලොව පුරා රටවලින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩකටත් වැඩි. සෞඛ්‍ය පද්ධතියට ඇති වන පීඩනය අවම කිරීම සදහා යුරෝපයේ රටවල් බොහොමයක් මේ වනවිටත් නව නීති පැනවීම ආරම්භ කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com