යුරෝපයේ එදා මෙදාතුර ඉදිවූ විශාලතම තොරණ මෙවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නොඑසේ නම් කිංස්බරි පන්සල ඉදිරිපිට මෙම මස 10 වැනිදා සිට ප්‍රදර්ශනය වෙයි. යුරෝපයේ බුදු දහම ප්‍රචලිත කිරීම සදහා ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ඉටුවන්නේ සුවිශේෂී කාර්යයකි. ඒ ගලයායේ පියදස්සි නායක හිමියන්ගේ අනුශාසනාවෙන් ගලයායේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙනි. මේ අනුව යුරෝපයේ ඉදිවූ දැවැන්තම තොරණ පසුගිය වසරේදී එහි නිර්මාණය විය. ඒ පඨාචාරා ජාතක කතාව ඇතුලත්ව අඩි 25 ක උසකිනි.
මෙවර එම වාර්තාව අලුත් කරමින් කිංස්බරි පන්සල ඉදිරිපිට ස්වර්ණ හංස ජාතකය ඇතුලත් පොසොන් තොරණ ඉදිකර ඇත්තේ අඩි 35 ක උසකින් යුක්තවය. විදුලි බුබුලු 25,000 කින් ආලෝකවත්ව හැඩවන එහි ආලෝකකරණ ශිල්පීය නිර්මාණ දායකත්වය ලබා දෙන්නේ දුමින්ද ලියනගමගේ ය. එහි පසුතල නිර්මාණ සකස් කර ඇත්තේ ජයරත්න බණ්ඩාරයි. එලෙස මෙවරත් තොරණේ චිත්‍ර හා සියලු කටයුතු සදහා දායකත්වය ලබා දී ඇත්තේ එංගලන්තයේ වෙසෙන කිංස්බරි පන්සලේ දායකයන් පිරිසය. තොරණ නැරඹීමට පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් සෑම දිනකම දන්සැල් පැවැත්වීමටත් දායක මණ්ඩලය කටයුතු කරයි. මේ අතර තොරණ ප්‍රදර්ශනය ආරම්භවූ 10 වනදා දෙමාපියන් විසින් හා අවසන් දිනය වන 28 වැනිදා දරුවන් විසින් බොදු බැති ගී ප්‍රසංගයක් එම පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ සංගීත ආචාර්ය අංජු දාබරේ (MMus) මහත්මියගේ මෙහෙයවීමෙනි.
මෙම තොරණ පප්රදර්ශනය කිරීමෙන් එක්රැස්වන ආධාරමුදලින් ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘතියක් හා මහරගම අපේක්ෂා රෝහලට මූල්‍යාධාරයක් සිදු කිරීමට නියමිතය. මෙවරත් තොරණ නැරඹීමට නොහැකි සියලු දෙනා වෙනුවෙන් සමාජ මාධ්‍ය වන යූටියුබ් හා ෆේස්බුක් ඔස්සේ සජීවී විකාශයක් ගෙන ඒමට කිංස්බරි පන්සලේ නිල නාලිකා සියලු කටයුතු සූදානම් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි