චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (14) පස්වරුවේ යුරෝපා කවුන්සිලයේ සභාපති António Luís Santos da Costa මහතා සමග දුරකථන සංවාදයක් පැවැත්වීය.
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නැවතත් වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා Costa මහතා වෙත සුබපැතුම් එක් කළේය. චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරයි. එම සබඳතාව අතීතය සහ අනාගතය අතර වැදගත් සම්බන්ධතාවක් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී ඇත. පසුගිය වසර 50 තුළ, චීන-යුරෝපා සංගම් සබඳතා ඔවුන්ගේ සංවර්ධනයට සහාය වූවා පමණක් නොව, ලෝක සාමය සහ සමෘද්ධිය සඳහා වැදගත් දායකත්වයක් ද ලබා දී ඇත. දෙපාර්ශ්වයම රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් සාර්ථකව පැවැත්විය යුතු අතර, මානව හා සංස්කෘතික හුවමාරු තීව්ර කළ යුතු අතර, චීන-යුරෝපා සංගම් මිත්‍රත්වය සඳහා මහජන අදහස් පදනම ද ශක්තිමත් කළ යුතු බව ඔහු පැවසීය.
2025 වසර යුරෝපා සංගම් – චීන සබඳතා සඳහා වැදගත් වසරක් බව Costa මහතා එහිදී පවසා ඇත. රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරීම, සංවාදය සහ සන්නිවේදනය ශක්තිමත් කිරීම, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීම, හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සහ යුරෝපා සංගම්-චීන සබඳතාවල වඩා මනා සංවර්ධනයක් වෙනුවෙන් ඵලදායී ආරම්භයක් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය චීනය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කර ඇත.
More Stories
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි
චීන විදේශ ඇමතිගේ වාර්ෂික පළමු සංචාරයේ සාර්ථකත්වය පිළිබඳව චීනයෙන් අදහස්