යුරෝපා සංගමය ඉදිරිපත් කළ චීනයේ විදුලි මෝටර් රථ සඳහා සහනාධාර විරෝධී බදු පැනවීම පිළිබඳ අවසන් තීන්දුව සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.
එම අවසන් තීන්දුව සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශක ඊයේ (20) සඳහන් කළේය.
එම නඩුව විමර්ශනය කිරීමේදී චීන රජය හා අදාළ විදුලි මෝටර් රථ සමාගම් යුරෝපා සංගමයේ අසාධාරණ මෙන්ම නීත්‍යනුකූල නොවන ක්‍රියාවන්ට එරෙහි සවිස්තර ලිඛිත අදහස් දැක්වීම් හා සවන් දීමේ රැස්වීම් මගින් නීතිමය ලේඛන සහ සාක්ෂි සටහන් වාර්තා දස දහස් ගණනක් ඉදිරිපත් කර තිබේ.
යුරෝපා සංගමය මෙවර ඉදිරිපත් කළ අවසාන තීන්දුවට චීනයේ අදහස් නිසි පරිදි ඇතුළත් කර නොමැති අතර සිය වැරදි ක්‍රියාවන් අනුගමනය කරමින් අධික බදු පැනවා ඇත. එම අවසාන තීන්දුව යුරෝපීය ඒකපාර්ශ්විකව සකස් කළ “සත්‍යය” මිස එය දෙපාර්ශ්වය පොදුවේ පිළිගන්නා සත්‍යයක් නොවන බැවින් චීනය ඊට දැඩි විරෝධය පළ කර ඇති බව ද චීන වාණිජ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි