දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම සාකච්ඡාවේදී යුරෝපා සංගමයේ නියෝජිතයින් විසින් ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්ප ගැන සඳහන් කර ඇති අතර අධිකරණ ක්ෂේත්රයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද විමසා ඇති බව සඳහන්.
ඒ අනුව අධිකරණ ක්ෂේත්රයේ සිදුකෙරෙන නීති ප්‍රතිසම්පාදනය, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම, නඩු කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණූකිරීම මෙන්ම අධිකරණ ශාලා ප්‍රමාණය වැඩිකිරීම හා ඊට සමගාමීව විනිසුරුවන් වැඩිකිරීම, ව්‍යවස්ථා සංශෝධනය ආදී කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් යුරෝපා නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට