යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ එංගලන්තය පරදා ජය වාර්තා කිරීමට ඉතාලිය අද අලුයම සමත් වුණා. මෙලෙස ඉතාලිය යුරෝ කුසලානයක් තමන් සතුකර ගත්තේ දෙවනවරටයි.
එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත් වුණා.
මෙම තරගය තියුණු මුහුණුවරක් ගත් අතර නියමිත කාලය අවසන් වන විට දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කරමින් සම තත්ත්වයේ පසු වීම විශේෂත්වයක්. ඒ අනුව මෙවර යූරෝ කුසලානයේ ජයග්‍රාහකයින් තෝරා ගත්තේ දඬුවම් පහර මඟින්.
එහිදී දඬුවම් පහර තුනට දෙකක් ලෙස සාර්ථක කරගත් ඉතාලිය යුරෝ කුසලානය දිනාගනු ලැබුවා.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි