එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.
පළමු තරගය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ පාකිස්තාන යොවුන් කණ්ඩායම අතර ඩුබායි අයි.සී.සී ඇකඩමි ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පෙරවරු 11 ට ආරම්භ වීමට නියමිතයි.
දෙවන අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව ඉන්දීය යොවුන් කණ්ඩායම තරග වදිනු ඇති.
එම තරගය සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
මූලික වටයේ දී පාකිස්තාන කණ්ඩායම ් කාණ්ඩයෙන් පළමු ස්ථානය හිමි කර ගත් අතර, ශ්‍රී ලංකාව ඊ කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය හිමි කර ගනු ලැබුවා.
A කාණ්ඩයෙන් බංග්ලාදේශයට පෙරමුණ හිමි වූණා. A කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි වූයේ ඉන්දියාවටයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි