බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය ඇෆ්ගනිස්තාන යොවුන් පිළ හමුවේ පරාජය වීමට ශ්රී ලංකා යොවුන් පිළට සිදුවුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා පිළ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවාර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 134ක් පමණයි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි.
ඒ අනුව තරඟය අවසන් වූයේ ඇෆ්ගනිස්තාන යොවුන් පිළට ලකුණු 04 ක තියුණු ජයක් හිමිකර දෙමින්.
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි