රට තුළ පවතින ආර්ථික අර්බුදය සඳහා සහාය දැක්වීමට ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට ඉදිරියේදී බලපොරොත්තු වන බව ජනප්‍රිය ගායන ශිල්පිනී යොහානි ද සිල්වා පවසයි.
මුහුණු පොත ඔස්සේ සටහනක් තබමින් ඇය පවසන්නේ කලාකාරිනියක ලෙස තම වෘත්තීය ජීවිතය තුළ දේශපාලනය හා කිසිඳු ගනුදෙනුවක් නොමැති බවයි.
නමුත් පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් අසීරුතාවයට පත්ව ඇති පිරිස් සඳහා තම යූ ටියුබ් නාළිකාවේ සහ අනෙකුත් නාළිකා ඉදිරි මාස තුනේ ලැබෙන ආදායම මෙරට ආහාර සහ ඖෂධ ලබාගැනීමට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවැසුවාය.
එමෙන්ම ඇය වැඩිදුරටත් පවසන්නේ මේ මොහොතේ රට තුළ පවතින අරගලය තමාගේද අරගලයක් බවයි. නමුත් තමා නිහඬව සිටින්නේ ප්‍රතිපත්තියක් ලෙස දේශපාලනය සම්බන්ධව කතා නොකරන බැවින් සහ දේශාපාලනය පිළිබඳ සැලකිය යුතු දැනුමක් තමාට නොමැති නිසා බවයි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ