ප්‍රවීණ වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වත්තල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මිය යන විට ඇය පසු වූයේ 81 වන වියේයි.
ඇය සිනමාවට අවතීර්ණ වූයේ මිරිගුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායකත්වය ලබා දෙමින්.
අනතුරුව ඇය මඩොල් දූව, යස ඉසුරු, විරාගය, යහළු යෙහෙළි, මාරුතය ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.
නෑදෑයෝ, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ ආදී ටෙලි නාට්‍ය රැසකටද රංගන දායකත්වය සැපයූ මියුරි සමරසිංහ මහත්මිය රාජ්‍ය නාට්‍ය සම්මානලාභිනියක්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ