නවසීලන්ත සංචාරයක නිරත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු වන රංගන හේරත්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රංගන හැරුණූ කොට කණ්ඩායමේ හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනත් කිසිවෙකුට කොවිඩ් ආසාදිත බවට තොරතුරු වාර්තා නොවන බවයි.
මේ අතර හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි තමා පිළිබඳ පළවන අසත්‍ය ප්‍රචාර කිහිපයකට අද පිළිතුරු ලබා දුන්නා.
ඉන්දීය කණ්ඩායමේ ක්‍රිකට් තාරකාවක් වූ කෝලි නායකත්වයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව කණස්සලට පත්ව එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය මගහරින බවට ඉන්දීය මාධ්‍ය පළ කරන පුවත් අසත්‍ය බවයි ඔහු පවසන්නේ
ඔහු අද පෙරවරුවේ මාධ්‍යට මේ බව සදහන් කළා.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු ලෙස කටයුතු කළ රවී ශාස්ත්‍රි ගෙන් පසු එම තනතුරට පත් රාහුල් ද්‍රාවිඩ් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් රාශියක් ම සිදුකරමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් නව ඉන්දීය ක්‍රිකට් නායකයා වන රෝහිත් ශර්මා සමග තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත් මේ වන විට ආබාධයකට මුහුණ දී සිටින ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා බවත් විරාත් කෝලි මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි