රංජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා “නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න ” තීන්දුව ප්‍රකාශ කිරීම ලබන අප්‍රේල් 05 දක්වා අභියාචනාධිකරණය කල්තබා තිබේ.
මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැලැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම සඳහා වන තීන්දුව අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ තීන්දුව මේ දක්වා සූදානම් කර නොමැති බවය.
මේ අනුව, එම තීන්දුව ලබන 05 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දී තිබේ. පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇත.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්