පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වනවා.
සිර දඩුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී විය හැකිද යන්න සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීන්දුව අද සභාවට දැනුම්දීමටද නියමිතයි.
කම්කරු අමාත්‍යවරයා විසින් පසුගිය ජනවාරි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ වන නියෝග අද විවාදයට ගැනෙනු ඇති.
එම විවාදය පෙරවරු 11 සිට පස්වරු 04 යි 30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 04 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ