රජයේ ආදායම් හිඟය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (26) පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ගනුදෙනුවට අදාළ සමාලෝචන වැඩසටහනේ අවසන් සාකච්ඡා වටය ඊයේ පවත්වා තිබුණි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රැසක් ශ්‍රී ලංකා රජය විසින් සපුරා ඇති බවට මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ප්‍රකාශ කර ඇති අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය එහිදී එම නියෝජිතයින්ගේ පැසසුමට ලක්වී ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මේ වසර තුළ රජයේ ආදායම් හිඟය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය කනස්සල්ල පළ කර ඇති අතර ඉදිරි කටයුතු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් ය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට