රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරන අයෙකු හට කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම අසාදිත පුද්ගලයා නාවලපිටිය, උලපනේ, උඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ එමෙන්ම ඔහු පසුගිය 23 වන දා නිවාඩු ලබා තම නිවසට පැමිණ තිබේ.
පසුව කල සොයා බැලීම් වලදී එම පුද්ගලයා පැමිණෙන අතරතුර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් නිවසට රැගෙන යාමට මාළු මිල දී ගෙන ඇත.
අනතුරුව ඊයේ දිනයේ (27) රාත්‍රී නිකුත් වූ PCR වාර්තාවට අනුව ඔහු කොරෝනා ආසාදිතයකු බව අනාවරණය කර ගත් බව උලපනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්.ටී.අමරසේකර මහතා සඳහන් කරනවා.
කොවිඩ් අසාදිත එම පුද්ගලයා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ කාර්යාල ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
අසාදිත පුද්ගලයාගේ මවත් පියාත් පමණක් එම නිවසේ ජීවත් වන අතර ඔවුන් දැනට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර හෙට දිනයේ ඔවුන්ගේ PCR සාම්පල ලබාගැනීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්