රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ මුදල් ඉතිරිකර ගැනීම සඳහා රජයේ රැකියා 91,000 කපා හැරීමට බ්‍රිතාන්‍යය රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉදිරි වසර තුන ඇතුලත බ්‍රිතාන්‍ය රජයේ සේවක සංඛ්‍යාව 2016 වසරේදී සිටි සේවක සංඛ්‍යාව දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය වේ. ඒ හරහා වාර්ෂිකව පවුම් බිලියන 3.75 ක් ඉතිරිකර ගඅනීමට රජය බලාපොරොත්තු වේ.
බ්‍රිතාන්‍යයේ කැබිනට් ලේකම්වරයා විසින් මේ බව සඳහන් කරමින් බ්‍රිතාන්‍යයේ සියළුම රාජ්‍ය සේවකයන්ට ලිපියක් යවා ඇති අතර මේ වන විටත් වෘත්තිය සමිති ඒ සඳහා සිය විරෝධය පලකර ඇත. මේ වන විටත් පාස්පෝට්, රියදුරු බලපත්‍ර සහ දේශසීමා ආරක්ෂක වැනි අංශ වල දිගු ප්‍රමාදයන් දක්නට තිබියෙදී තව දුරටත් රාජ්‍ය අංශය හැකිලීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ඔවුන් රජයෙන් ප්‍රශ්න කරනවා. කෙසේ වෙතත් රජය සේවක කප්පාදුවකට අර අදින්නේ නම් වැඩවර්ජන ක්‍රියාමාර්ග වලට පිවිසෙන බව වෘත්තීය සමිති තර්ජනය කරමින් ප්‍රකාශ කරනවා.
2016 වසර වන විට බ්‍රිතාන්‍යයේ සිටි රාජ්‍ය ස්වකයන් සංඛ්‍යාව 384,000 වූ අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කටයුතු වෙනුවෙන් සහ කොවිඩ් වසංගතය වෙනුවෙන් ක්‍රමක්‍රමයෙන් පසුගිය වසර කිහිපය තුල නව සේවකයන් 91,000 බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව යමින් රජය ප්‍රකාශ කරන්නේ මේ වන විට තත්වයන් දෙකම සමනය වී ඇති බැවින් නැවතත් පෙර තිබූ තත්වයට ගමන් කිරීමට හැකිවනු ඇති බවයි.
ශ්‍රම බලකාය අඩු කිරීම හරහා ලබාදන සේවාවන්ගේ කිසිඳු බිඳවැටීමක් සිදු නොවන බවත් දැනටමත් ලබාදෙන රාජ්‍ය සේවාවන් වඩා කාර්යක්ෂමව, නව්‍යතාවයෙන් යුතුව, තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීම රජයේ බලාපොරොත්තුව වේ. රාජ්‍ය වියදම් පාලනය කිර්‍රම අත්‍යවශ්‍ය අවස්ථිවේදී බදු ගෙවන්නන්නට උපරිම වටිනාකමක් ලබාදීම මෙහි අරමුණ බවයි රජය ප්‍රකාශ කලේ.
බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සේවය මහජන සේවාවන් සපයන අතර ප්‍රතිපත්ති සැකසීමට සහ ක්‍රියාත්මක කිරීමට රජයට සහාය දක්වයි. නමුත් දේශපාලන වශයෙන් අපක්ෂපාතී වේ. රැකියා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්රතිලාභ ගෙවන කාර්ය මණ්ඩලයේ සිට අධිකරණ අමාත්‍යාංශයේ සේවය කරන බන්ධනාගාර පවත්වාගෙන යන පුද්ගලයන් දක්වා සිවිල් සේවකයන් ජීවිතයේ සෑම අංශයක්ම ස්පර්ශ කරයි.
කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන් අඩු කිරීමේ ප්‍රථම පියවර ලෙස නව බඳවා ගැනීම් නතර කිරීමට හා රජයේ පුරප්පාඩු සංඛ්‍යාව කප්පාදු කිරීමට රජය බලාපොරොත්තු වේ. එමෙන්ම වසංගතය අවස්ථාවේදී අවධානම බාරගනිමින් රටපුරා සේවයට එක්වූ සේවකයන් මෙම වැඩසටහන හරහා බිලිදීමට බලාපොරොත්තු නොවන බවද රජය තහවුරු කරනවා.
- තිලාන් ජයසේකරගෙ Facebook පිටුවෙන්
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි