Skip to content
විදුලි බිල අනීතිකව සහ අසාධාරව වැඩි කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවට යොමුකළ බවත් එයට හේතුව වූයේ ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය එම ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදනය කිරීම (ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා වැඩි වීම) සහ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩුවීම සහ ගල්අගුරු බලාගාර අක්‍රීය වීම නිසා බිලියන 26ක් සහ 18%ක විදුලි බිල නැංවීම තුළ තවත් බිලියන 26ක් ඇතුළු බිලියන 52ක් ලාභ ලැබීම බවත් මේ නිසා රජය වහාම විදුලි බිල අඩු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ පෙත්සම හරහා රජයට පෙළඹීමක් සිදු කරන බවත් රජය එය නොකරන්නේ නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා මෙම ලාභය විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ වන විට ලක්ෂ 8කගේ විදුලිය විසන්ධි කර ඇති බව යි.
බිලියන 52ක් ලාභ ලබා ඇති මොහොතක එම වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම පවා කියා ඇත්තේ විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට කිසිදු සැලැස්මක් නොමැති බවත් එම නිසා මේ සියල්ල මාධ්‍ය සංදර්ශන නොවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
1 min read
1 min read
1 min read
1 min read
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්