මර්ක් සමාගම නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන කරල් තොගයක් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් බහුලව හමුවීමත් සමග ප්‍රතිකාර කටයුතු ක්‍රමවත් කිරීම සඳහා එම පියවර ගන්නා බව එරට අගමැති ස්කොට් මොරිසන් පැවසීය.
Molnupiravir ලෙස නම් කර ඇති එම ඖෂධය, නියාමන බලධාරීන්ගේ අනුමැතිය හිමිවන පළමු කොවිඩ් මර්දන ඖෂධ කරල ලෙස හඳුන්වයි.
විශේෂඥයින් පවසන්නේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගතවීම සහ මරණ සැලකිය යුතු ලෙස අඩු කිරීමට මෙම ඖෂධයට හැකියාව ඇති බවය.
එහිදී එම කරල් දිනක ට දෙක බැගින් දවස් 5ක් වැඩිහිටි රෝගියෙක් ගතයුතු බවට නිර්දේශ වී තිබේ.
මේ වනවිට මැලේසියාව, තායිලන්තය, තායිවානය සහ දකුණු කොරියාව ද එම ඖෂධය මිලදී ගැනීමට සැරසෙයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ