රටවල් 10 ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ලබන පළමුවනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට තායිලන්තය තීරණය කර තිබෙනවා.
දැනට අඩාලවී ඇති සංචාරක ක්ෂේත්රය නගා සිටුවීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා සඳහන් කලේ.
මේ අනුව මහා බ්‍රිතාන්‍ය – චීනය – ජර්මනිය – අමෙරිකාව ඇතුලු රටවල් 10 ක සිට පැමිණෙන සංචාරකයන්ට ලබන පළමුවනදා සිට තායිලන්තයට ඇතුලුවිය හැකියි.
2019 වසරේදී මිලියන 40 ක් සංචාරකයන් පැමිණි තායිලන්තයට මෙම වසරේ මුල් මාස 08 දී පැමිණ තිබුණේ සංචාරකයන් 70 දහසක් පමණයි.
කොවිඩ් වසංගතය හමුවේ දේශ සීමා වසා දැමීමත් සමග 2020 වසරේදී සංචාරක ක්ෂේත්රයෙන් එරටට අහිමිවී තිබූ මුදල ඩොලර් බිලියන 50 කට අධිකයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්