ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් හයෙහි සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇති පුද්ගලයන් සඳහා, චීනය අද (14) සිට වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා
මාර්තු පළමු වැනිදා චීන-තායිලන්ත අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු, චීනයේ වීසා රහිත එටවල් සංඛ්‍යාව යළිත් පුළුල්කිරීමක් ලෙසට මෙය සැලකෙනවා .
අදාළ ප්‍රතිපත්තිවලට අනුව, මෙම වසරේ මාර්තු 14 සිට නොවැම්බර් 30වැනිදා අතර කාලය තුළ, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට ව්‍යාපාර, සංචාර , නෑදෑ හිතවතුන් බැලීම සඳහා දින 15කට නොවැඩි කාලයක් වෙනුවෙන් චීනයට පැමිණීමේදී , වීසා අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.
රටවල් 6කට චීනයෙන් වීසා රහිත පහසුකම්

More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ