චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 7ක සිට ඉන්දියාව වෙත පැමිණෙන පුද්ගලයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ.
ඒ අනුව දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, බොට්ස්වානා, චීනය, මුරුසිය, නවසීලන්තය සහ සිම්බාබ්වේ යන රටවල් සඳහා එම මාර්ගෝපදේශ හඳුන්වාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අදාළ රටවල සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් පැය 72 කට පෙර කොවිඩ් -19 පරීක්ෂාවකට ලක්ව ආසාදිතයෙකු නොවන බවට තහවුරු කළ යුතු බව එම නව මාර්ගෝපදේශවල සඳහන් වෙයි.
මේ අතර, සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත සී.12 නමින් හදුන්වනු ලබන කොවිඩ්-19 නව ප්‍රභේදය වාර්තාවන රටවල් සඳහා ඉන්දියාව විසින් මෙම තහනම පනවා ඇති අතර මීට පෙර බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල් සහ මැද පෙරදිග රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා මෙවැනි සීමා පනවා තිබුණි.
දකුණු අප්‍රිකාවෙන් පළමුවරට හඳුනාගත් සී.12 නමැති කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් රැසකින් වාර්තා වී තිබේ.
More Stories
ඇමරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත් කර ගෙන ඇත–චීන විදේශ අමාත්‍යංශය
චීන ජනපති මැලේසියා නිල සංචාරය සාර්ථක ව අවසන් කරයි
චීනය හා මැලේසියාව එක්ව ඒකපාර්ශ්වීය හා ආරක්ෂණවාදී අවහිරතා අභිබවා ආසියාවේ සුන්දර අනාගතය ආරක්ෂා කළ යුතුය– චීන ජනපති