චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 4 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රධාන දේශනය පවත්වයි. වීඩියෝ ආකාරයෙන් ඊයේ (04) පැවති එම දේශනයේ තේමාව වූයේ “චීනයේ විවෘත භාවය යන වසන්ත මාරුතයෙන් ලෝකය උණුසුම් කිරීමට ඉඩදෙමු”යන්නයි.
කොවිඩ් වසංගතයෙන් ඇතිවූ අහිතකර බලපෑම් මැඩපවත්වමින් චීනය විදේශයන් කෙරේ විවෘත කිරීමේ වේගය අඩු නොකරන බවත්, චීනය ඉදිරියේදී සිය විවෘතභාවය අඛණ්ඩව හා වඩාත් ඉහළ මට්ටමින් ඉදිරියටගෙනයාමේ අධිෂ්ඨානයෙන් සිටින බවත්, ඒ මහතා එහිදී අවධාරණය කළේය. ලෝක වෙළඳ සංවිධාන කේන්ද්‍රගත බහු පාර්ශ්වික වෙළඳක්රමය, ජාත්‍යන්තර වෙළඳාමේ අඩිතාලමයි. ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණය නිවැරදි දිශාවකට ගෙනයාමටත්, බහුපාර්ශ්වික වෙළඳ ක්රමයේ නම්‍යශීලි සංවර්ධනයටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂාකිරීමටත් චීනය සහාය දෙන බව චීන ජනාධිපතිවරයා කියාසිටී.
එමෙන්ම ලොව සෙසු රටවල් සමඟ සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට චීනය සැමවිටම කටයුතු කරන බවද ඒ මහතා පවසයි. ඒ සඳහා චීනය වෙළඳ සමබරතාව පවත්වාගෙන යමින් ආනයනය තවදුරටත් පුළුල් කරනු ඇත. එසේම, අන්තර්ජාල වෙළඳාම වඩාත් වර්ධනය කරමින් අන්තර්ජාතික භාණ්ඩ වෙළඳාම හා ප්‍රවාහනය වඩාත් ඉහළ මට්ටමට ගෙනයාම චීනයේ අපේක්ෂාවයි.
සිය සංවර්ධනය පමණක් නොව සෙසු රටවල සංවර්ධනය ද සැලකිල්ලට ගෙන චීනය ස්ථිරවම සෙසු රටවල යහපත රැකගැනීමට කටයුතු කරන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, ජී-20 කණ්ඩායම හා ආසියාන් සංවිධානය ඇතුළු සංවිධාන සමග එක්ව චීනය සහයෝගයෙන් කටයුතු කරන බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු සෙසුරටවල අයිතීන් ආරක්ෂා කරමින් සිය ජාත්‍යන්තර වගකීම් හා යුතුකම් මැනවින් ඉටුකරන බව චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් අවධාරණය කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි