විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැසක් විවිධ රටවල රැකියා, ඉඳුම් හිටුම් පවා අහිමිව ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නොහැකිව සිටියදී ඔවුන් ගෙන්වා ගැනීමට රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා එසේ තිබියදී යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට සියලු පහසුකම් ලබා දී රටපුරා සංචාරය කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි එම පක්ෂය චෝදනා කරමින් කියා සිටින්නේ.
රටවැසියන් සියලු දෙනා වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි බල කරමින් සමගි ජන බලවේගය අද (07) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
මේ සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ නියෝජිතයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්