රටේ අර්බුදයට විසදුම් සොයන කණ්ඩායමට එක්වෙන්න

රටේ පවතින තත්ත්වයට විසදුම් යෝජනා ඉදිරිපත් කිරිමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සකස්කරන අතර ඊට එක්වන්නැයි රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම්වලට ආරාධනාකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නිවැරැදි තීරණ නිවැරැදි වේලාවට නොගැනීම මූල්‍ය විනය බිඳවැටීම හා නුසුදුස්සන් තනතුරුවලට පත්වීම යන කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලනික බිඳවැටීමට සිදුව තිබෙන බවද එම සංගමය සඳහන් කරයි. 

රාජ්‍ය නිලධාරීන්ට හා වෘත්තීයවේදීන්ට රටේ ගැටලු විසඳීමට සහාය ලබාදීම අත්හල නොහැකි  වගකීමක් යැයිද එම සංගමය කියයි. 

ඉතා ඉක්මනින් මැදිහත්වීම කොටිකාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමටත් එම යෝජනා යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් ඉදිරිපත් වන්නැයි වෘත්තීයවේදීන්ගේ සංගය ඉල්ලා සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com