රටේ මිනිස්සුන්ට කන්න වෙන විදිහ මෙන්න

2022 ඔක්තෝබර් මාසයේ සිට සෑම මසකම සහල් මෙට්‍රික් ටොන් 195,000ක හිඟයක් රටේ ඇතිවනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ අනතුරු අඟවා තිබේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බත සපයන වී වගාවේ අස්වැන්නෙන් 50%ක් සහ බඩ ඉරිඟු වගාවේ අස්වැන්නෙන් 65%ත් 70%ත් අතර ප්‍රමාණයක් රටට සහ ජනතාවට අහිමි වූ අඳුරු මහ කන්නයක ප්‍රතිඵල රටක් ලෙස අත්විඳිමින් සිටින අතර ප්‍රධාන වශයෙන් වී වගා කරන මේ කන්නයේ දී වී වගාවේ අස්වැන්න 50%කටත් වැඩි අගයකින් අඩු වනු ඇති බවයි.

ඒ අනුව මහාචාර්යවරයා තවදුරටත් පවසා සිටියේ මේ අවස්ථාවේ කළ යුත්තේ ඉදිරි මහ කන්නය ඉතා සාර්ථක කන්නයක් බවට පත් කිරීමට මේ මොහොතේ සිටම කටයුතු කළ යුතු බවත් ඉදිරි මහ කන්නයට අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය නිසි ආකාරව නිපදවා ගත යුතු බවත් ය.

මේ කන්නයේ දී දැනට වගා කර නොමැති කුඹුරු ඉඩම් මුං වැනි පෝෂ්‍යදායී භෝගයකට හැකි උපරිම ආකාරයෙන් යොමු කළ යුතු බව ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ වැඩි දුරටත් පෙන්වා දී ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com