සංචාරක කරමාන්තය ගොඩගන්න ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙසක්
දිවයිනේ සංචාරක කලාපවල ඇති සියලු මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු සකස් කරන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඔහු මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ මහාමාර්ග අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී
සංචාරක කර්මාන්තයෙන් අපේ රටට විශාල ලෙස විදේශ විනිමය ලැබෙනවා.
සංචාරක කර්මාන්තය දියුණු විය යුතුය.
සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් යටිතල පහසුකම් සංවර්ධනය විය යුතුයි.
අපිට හැම දෙයක්ම නිකන් ලඟට එනකම් ඉන්න බෑ.
අවුරුදු ගණනාවක් ඉදිරියට හිතලා වැඩ කළ යුතුයි.
අපේ ශ්‍රී ලංකාව ඉතාමත්ම සුන්දර රටක්.
ඓතිහාසික ස්ථාන සුන්දර පරිසරයන් , මුහුදු වෙරළවල්, වනාන්තර, දිය ඇලි, ගංගා, වැව් අමුණු, පූජනීය ස්ථාන මේ සියල්ලන්ගෙන්ම පොහොසත් රටක්. ඒ වගේමයි විවිධ වූ දේශගුණික කලාප තියෙනවා.
පැය කිහිපයක ගමනකින් විවිධ දේශගුණික කලාපවල අත්දැකීම් විඳගන්න පුළුවන්.
ජෛව විවිධත්වය අතින් ගත්තම ලෝකයේ ඉහළම තැනක ඉන්න රටක්. අපි සංචාරකයින් ගෙන්වා ගන්නනම් පහසුකම් දෙන්න ඕන.යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕනේ.
මේවා අපි අද ගැන හිතලා කරන වැඩ නෙවෙයි අනාගතය ගැන හිතලයි වැඩ කරන්න ඕන.
ඒ නිසා සංචාරක කලාප වල මාර්ග සංවර්ධනය කඩිනමින් සිදු කරන්න.
කඩිනමින් සංචාරක කලාප වල සංවර්ධනය විය යුතු මාර්ග පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තම වෙත ලබා දෙන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයා හා මහා මාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවටයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ