අද දිනය තුළ රට පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන 345 කදී කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම ක්‍රියාත්මක වේ.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම එන්න්තකරණ මධ්‍යස්ථාන 133 කදී සිදුවන අතර අනෙක් එන්නත් ලබාදීම මධ්‍යස්ථාන 212 කදී සිදු වේ.
ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 197,349 ක් ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස 30,499 ක්, දෙවැනි මාත්‍රාව ලෙස 50,893 ක්, සයිනොෆාම් පළමු මාත්‍රාව ලෙස 97,966 ක්, එහි දෙවැනි මාත්‍රාව ලෙස 11,058 ක් ලබා දී ඇති අතර මීට අමතර ෆයිසර් එන්නත් මාත්‍රා 1308 ක් හා මොඩර්නා එන්නත් මාත්‍රා 5625 ක් ලබා දී තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට