රට තුළ නිරෝධායන ඇඳුරිනීතිය ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳ තත්වයක පවතින බවත් කවුරු මොනවා කිව්වත් රට සම්පූර්ණයෙන්ම විවෘතව තබනවාට වඩා මේ ආකාරයට හෝ වසා තිබීම ප්‍රතිඵලදායක බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
මෙවැනි තීරණ ගන්නා විට රටේ ආර්ථික ගැන අවධානය යොමු කළ යුතු බව කී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කර්මාන්ත ශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පවත්වාගෙන යෑම එතරම් ගැටලුවක් නොවන බව සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කිරීමට සිදුවේද යන්න ගැන තමන්ට කිව්නොහැකි බවත් දැනට ක්‍රියාත්මක වන විදියේ ප්‍රතිඵල සති දෙකකින් ලබාගත හැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට