කොවිඩ් වසංගතය හමුවේ වහාම රට වසා දමනවා හැර ජනතාව ජීවත්කිරීම සඳහා මේ මොහොතේ කිසිදු විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ අතර කොවිඩ් මර්දන නිසි අයුරින් සිදු නොවන බව පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් අද විරෝධතාවයක ද නිරත විය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවයට එක් වූයේ සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ය.
ඔවුන්යේ ඉල්ලීම වූයේ මෙරට කොවිඩ් මුල් අවධියේ දී වසංගතය කළමනාකරණය කිරීමේ රාජකාරි ඉටුකළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට සහ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ඇතුළු පිරිසට කොවිඩ් මර්දන වගකීම් භාරදෙන ලෙසය.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්