‘ජන ජීවිතය සමග සෙල්ලම් එපා – ජනපතිතුමනි වහාම රට වහන්න’ යැයි ඉල්ලමින් අනුරාධපුර නගර සභාවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ අනුරාධපුර ඞී. එස්. වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
රට වසා දමා ජනතාව සුරකින ලෙස රජයට බල කරමින් විවිධ වැකි ලියූ පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
අනුරාධපුර නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා ඇතුළු විපක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක්මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
අනුරාධපුර නගරාධිපතිවරයාද කොවිඞ් වැළඳී රෝහල් ගත කරලා. මේ වනවිට අනුරාධපුර පමණක් නොවෙයි රටම මහ භයානක තත්වයකට පත් වෙලා. තවදුරටත් ජනතාවගේ ජීවිත ගැන සැහැල්ලූවට ගනිමින් රජය ජන ජීවිත සමග සෙල්ලම් නොකර වහාම රට වසාදමා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක