රට සංස්කෘතික වශයෙන් සවිබල ගැන්වීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය රට සංස්කෘතික වශයෙන් සවිබල ගැන්වීමේ මාතෘකාව සම්බන්ධයෙන් සාමූහික අධ්‍යයනයක නිරත විය. එහිදී බෙයිජිං විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය වං බෝ මහතා දේශනයක් පවත්වමින් එම මාතෘකාව පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කළේ ය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ ඊට සවන් දී සාකච්ඡා කළහ.
ඉන් අනතුරුව ෂී ජින් පිං ජනාධිපතිවරයා දේශනයක් සිදු කළේ ය. 2035 වසර වන විට චීනය සංස්කෘතික වශයෙන් ප්‍රබල රටක් බවට පත් කිරීම පක්ෂයේ උපාය මාර්ගික ඉලක්කයක් බව හෙතෙම සිය දේශනයෙන් කියා සිටියේ ය. මෙම ඉලක්කය සපුරාලීම සඳහා මාක්ස්වාදය මූලික කරගෙන යුගයට ගැලපෙන චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී සංස්කෘතියක් ප්‍රවර්ධනය කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි. ඒ සඳහා චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී සංස්කෘතික සංවර්ධන මාවතේ ස්ථිර ව ගමන් කිරීම, සමස්ත චීන ජනතාවගේ සංස්කෘතික නිර්මාණශීලිත්වය, ජනතාවගේ පූර්ණ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සපුරාලීම, චීන සාම්ප්‍රදායික සංස්කෘතික උරුමයන් රැක ගැනීම, චීනයේ සංස්කෘතික ශක්තිය හා චීන සංස්කෘතික බලපෑම් අඛණ්ඩව ඉහළ නංවාලීම ඇතුළු කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු ය. රට සංස්කෘතික වශයෙන් සවිබල ගැන්වීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ හා සමස්ත සමාජයේ පොදු කාර්යයකි. මෙම කාර්යය මැනවින් සිදු කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වඩාත් තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි