ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය අද (03) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් පෙන්වා දෙන්නේ රටම අනතුරකට ලක්ව ඇති බවය.
එබැවින් වර්තමාන ආණ්ඩුවට තවදුරටත් රට සුරක්ෂිත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.
එසේම සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවය.
කෙසේ වෙතත් පවතින වාතාවරණය තුළ රජයේ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සියලු පාර්ශ්ව සහාය දිය යුතු බව රුහුණුරට භික්ෂු පෙරමුණ පෙන්වා දී තිබේ.
මේ අතර කාදිනල් හිමිපාණන් ඊයේ රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අද මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා අදහස පළ කළේය.
එහිදී ඔහු කියා සිටියේ, “පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ තත්ත්ව්ය පාලනය කිරීම සඳහා උන්වහස්සේ ලබාදුන් සුවිශේෂී නායකත්වය නිසාම විශාල ගෞරවයක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රකාශය පිළිබඳ මගේ හැඟීම මම පෞද්ගලිකව හමුවෙලා කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ,” යනුවෙනි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට