ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් (චොකා මල්ලි )ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.
සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන් වේ.
ඊට අදාළ නඩු තීන්දුව රත්නපුර මහාධිකරණය මඟින් අද (31) ප්‍රකාශයට පත් කළා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්