රත්නපුර මහ රෝහලේ වාට්ටු පහක් වසා දැමීමට රෝහල් බළධාරීන් පියවර ගෙන තිබෙනවා. රෝහල ආශ්‍රිතව කොරෝනා අවදානම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව එම රෝහලේ අංක 06,13,14,15,24 යන වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. රෝහල ආශ්‍රිතව දැඩි අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වී ඇති බවයි රත්නපුර නියෝජ්‍ය නගරාධිපති ලක්ෂ්මන් මුණසිංහ මහතා පවසන්නේ.
මේ වනවිට රත්නපුර නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක වෛරසය ව්‍යාප්ත වී ඇති අතර ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්