පොලිස් වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලාන රොහාගේ මස්සිනා රත්මලාන රස්ටම් වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි අසංක සිල්වා නැමැති හතළිස් තුන් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට මාස තුනකට පමණ ඉහත දී සැකකරු ට අයත් නැති වූ ජංගම දුරකථනයක් මීට දෙදිනකට ඉහතදී රුපියල් 2000 ක මුදලකට රස්ටම් වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට උකස් කර තිබීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව පිහි ඇනුම ක ට ලක් වී ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලබා වැටී සිටි පුද්ගලයා පැය බාගෙකට පමණ පසු කළුබෝවිල රෝහලට රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ඝාතනය සිදු කළ පුද්ගලයාද තීරෝද රථ රියදුරකු වන අතර හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාගේ රියදුරෙක් ලෙස කලක් කටයුතු කළ අයෙක් බවත් රත්මලාන කුඩු අංජු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ඥාති සබඳතාවයක් තිබෙන පුද්ගලයකු බවට හඳුනා ගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
පලාගිය සැකකරුද මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහි වූ බව පොලිසිය කියයි
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ පුත්‍ර මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්