කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ජාත්‍යන්තර ගුවන් ගමන් අද ආරම්භ කළේය.
වසර 54කට පසු කොළඹ ගුවන්තොටුපල ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සහතිකය පිරිනැමීම සනිටුහන් කරමින් ගුවන් ගමන් ආරම්භ කළේය.
මාලදිවයින් රජයට අයත් සීමාසහිත island aviation service සමාගම කලාපීය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීම සිදුවිය.
මෙතෙක් අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු සහ පුහුණු ගුවන් කටයුතු සිදු කළ රත්මලාන ගුවන් තොටුපළ ජාත්‍යාන්තර තලයේ ප්‍රමිතියකින් යුතු ගුවන් තොටුපළක් ලෙස ප්‍රමිතිකරණයට ලක් කොට එම සහතික කරනයද කරනු ලැබීය.
මෙහිදී ජාත්‍යන්තර තලයේ ගුවන් තොටුපළකට සුදුසු වන ආකාරයට කොළඹ ගුවන්තොටුපලේ යටිතල පහසුකම් සහ ගුවන්තොටුපල නැවතුම් මධ්‍යස්ථාන ඉතා විශිෂ්ට ලෙස නිමවා තිබූ අතර ගුවන් ධාවන පථය ද නියමිත ප්‍රමිතිකරණයෙන්යෙ නිමවා තිබුණි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව