පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප්‍රධාන සැකකරු බව කියන පාතාල කල්ලි නායකයා අද (07) අලුයම දිවුලපිටිය බල්ලපාන ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ.
එහිදී සැකකරු හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබුණ බව වාර්තා වනවා. පොලීසිය එල්ල කළ ප්රතිප්රහාරවලින් සැකකරු මිය ගොස් තිබෙනවා.
ඔහු මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පැවසුවා. පතිරණගේ රාජා විමලධර්ම නොහොත් ‘ගොනාකොවිලේ රාජා’ නැමති අය මෙලෙස මියගොස් තිබෙනවා.
ඔහු රංජන් සිල්වා ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති