රතු මුහුදු කලාපයේ නෞකා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කිරීම පිළිබඳව යුරෝපා සංගමය සාකච්ඡා පවත්වයි.
ITAR-TASS පුවත් සේවය ඊයේ(9) පළ කළ වාර්තාවකට අනුව, රතු මුහුදු කලාපයේ Houthi සන්නද්ධ කණ්ඩායමේ තර්ජනයට ලක් වන වාණිජ නෞකා ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමය ප්‍රමුඛ යුද මෙහෙයුමක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බව යුරෝපා රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන ප්‍රකාශක Peter Stano මහතා ප්‍රකාශ කර ඇත.
‘රතු මුහුදු යාත්‍රා ආරක්ෂක සන්ධානය’ සංවිධාන කරන බව පසුගිය දෙසැම්බර් මාසයේ ඇමරිකාව ප්‍රකාශ කළද යුරෝපා සංගම් රටවල් රැසක් ඇමරිකාව ප්‍රමුඛ මෙහෙයුම ප්‍රතික්ෂේප කර තිබිණ.
මෙම වටයේ පලස්තීන ඊශ්‍රායල ගැටුම ආරම්භ වීමෙන් පසු Houthi සන්නද්ධ කණ්ඩායම රතු මුහුදු හා ඒ ආශ්‍රිත මුහුදු කලාපවල ‘ඊශ්‍රායලය හා සම්බන්ධ’ නෞකාවලට අවස්ථා ගණනාවකදී ප්‍රහාර එල්ල කර ඇත. අවදානම් වැළැක්වීමට රතු මුහුදු හරහා ඇති සුවස් ඇළ මාර්ගය ඔස්සේ යාත්‍රා කිරීමෙන් වළකින බව ජාත්‍යන්තර නාවික ව්‍යාපාර රැසක් ප්‍රකාශ කර තිබිණ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය