සීදුව රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 14 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් සමරසේකර මහතා පැවසුවේ අද (16)දිනයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.
රද්දොළුගම පොලීසියේ නිලධාරියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (15) හඳුනාගෙන තිබුණි.
ඒ අනුව එම පොලිස් ස්ථානයේ සියලු නිලධාරීන් සහ ආශ්‍රිතයින් පිරිසක් අද රැපිඩ් ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සඳහා ලක්කර ඇති අතර එහිදී ඉන් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව වෛද්‍ය දයාන් සමරසේකර මහතා පැවසීය.
මේ අතර රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ පුද්ගලයන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බවට ද හඳුනාගෙන තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි