සිරදඩුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතා විසින් තම පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය අහෝසි නොකරන ලෙස ඉල්ලා ගොණුකර ඇති රිට් පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන දිනය ලබන 24 වනදා දැනුම් දෙන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නා.
ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත කර ඇති නියෝගයද ලබන 24 වනදාතෙක් දීර්ඝ කිරීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.
අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර මහතා සහ මායාදුන්නේ කොරයා මහතාගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම අද කැඳවනු ලැබුවා.
මෙම රිට් පෙත්සමට අදාල වාචික දේශණ අද අවසන් කළ අතර ලබන 24 වනදා ලිඛිත දේශණ ගොණුකරන ලෙසයි පෙත්සම්කාර පාර්ෂවය සහ වගඋත්තරකාර පාර්ෂවය වෙත විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව