අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සති දෙකක කාලයක් යන තුරු අමුත්තන් හමුවීම තහනම් කර තිබෙන බව බන්ධනාගර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේය.
බන්ධනාගර ගතව සිටියදී සෙල්ෆි ජායාරූපයකට පෙනී සිටීම නිසා ඔහු චෝදනාවකට ලක් වූ අතර බන්ධනාගර ආඥා පනත යටතේයි හිටපු මන්ත්‍රීවරයාට මෙම දඬුවම ලබා දී ඇත්තේ.
එමෙන්ම බන්ධනාගාරයෙන් ලබා දෙන විනාඩි තුනක දුරකථන පහසුකමද සති දෙකක කාලයක් සඳහා ඔහුට තහනම් කර තිබෙන බවද චන්දන ඒකනායක මහතා කියා සිටියේය.
මෙම සිද්ධියට අදාළව වැඩතහනමට ලක්ව සිටින ජේලර්වරායට එරෙහිව තවදුරටත් විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක අතර මින් ඉදිරියට බන්ධනාගාරයට අමුත්තන් බැලීමට ඒමේදී මන්ත්‍රීවරයෙකුට වුවත් තමන්ගේ ජංගම දුරකථනය බන්ධනාගාරය තුළට රැගෙන යාම නැවත්වීම සඳහා බන්ධනාගර කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බවද ඒකනායක මහතා ප්‍රකාශ කරන ලදී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්