අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ, නිරෝධායන මධ්‍යස්ථානය තුළ වෙනම කාමරයක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවා.
පිටතින් ආහාර ලබා ගැනීමට අවසර නොමැති බවත්, බන්ධනාගාරයෙන් සැපයෙන ආහාර පමණක් ඔහුට ලබාදෙන බවත්, ඒ වගේම අමුත්තන්ට බැලීමට අවසර නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
දින 14 ක කාලයක් එම මධ්‍යස්ථානයේ රඳවා තබා අනතුරුව PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිඵල අනුව ඔහු බන්ධනාගාරයක් වෙත යොමුකිරීමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග