රට වසා දැමීමේ සැබෑ පරමාර්ථය ඉටු කරගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතු බවද මෙහිදී මතුවන ආර්ථික ගැටළුව විසඳා ගැනීම සඳහා IMFසමඟ සාකච්ඡා කළ යුතු බවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රට තුළ පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැති වරයා අමතමින් අද (26) සිදු කළ විශේෂ ප්‍රකාශයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මේ බව පවසනවා.
එහි වැඩිදුරටත් මෙසේද සඳහාන්,
“අමෙරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ (US Aid) ප්‍රධානී සමන්තා පවර් මහත්මියට කතා කොට මෙරටට එන්නත් ලබාදෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මැතිතුමා අද අප ගෙන් සමුගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු වූ රාජාමහේන්ද්‍රන් මැතිතුමාත්, ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ, නීතිඥ ගෞරි තවරාසා මැතිණිය ඇතුළු ඔබ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකු කොවිඩ් වසංගතය හමුවේ ජීවිත අතහැර ගොස් තිබෙනවා,”
“කොවිඩ් වසංගතය රට පුරා අද වන විට සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබාගන්නා ජනතාවගේ ප්‍රමාණය ඉහළ යන්නා සේම කොවිඩ් රෝගයට ගොදුරු වන පිරිසත් ඉහළ යමින් සිටිනවා. අගෝස්තු මාසය ආරම්භ වනවිට 5,000 ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, මාසය අවසාන වනවිට 8,000ට ආසන්න වී තිබෙන බව දැකගත හැකියි. මේ සති කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,000 ක් බවට පත් වුණා,”
“කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යාලේඛනවලත් ගැටලු මතු වෙලා. ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. කොවිඩ් ආසාදනයවීම සීග්‍රයෙන් පැතිරයෑම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළුදැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි.
මේ වනවිට දින 10ට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කරගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළියළිත් සිතිය යුතුයැයි මම අවධාරණය කරනවා,”
“රජය දින 10ට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමිවෙනවා. මෙතනදී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතාබැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි,”
“එම නිසා මේ ආර්ථික ගැටලුව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුල හෙවත් IMF සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.
එම නිසා ජනාධිපති, අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි,”
ඒ වෙනුවෙන් රටවාසීන් සියලුදෙනාගේ සහාය ලැබෙනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරනවා.”
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්