අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් තිබෙනවා.
ඒ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
CID නිලධාරීන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි වාර්ථා වන්නේ.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් කුලසිංහ පාඩම ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.
එසේම හිටපු අග්‍රාමාත්‍ය වරයාගේ උපදේශක වරයෙක් ලෙස කටයුතු කළ පාස්තරලිංගම් සහ හිටපු බැංකු නිලධාරියෙකුගෙන්ද මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට