ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන මහතා, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීන්දු කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ගිණුම්කරණ තොරතුරු පද්ධති පිළිබඳ මහාචාර්යවරයෙක්ද වන ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් ද විය.
ගිණුම්කරණය සම්බන්ධයෙන් ප්රශස්ත ලිපි විශාල ප්‍රමාණයක් සම්පාදනය කොට ඇති ඒ මහතා එකී විෂය අරභයා සම්භාවනීය කතුවරයෙකුද, දේශකයෙකුද වෙයි.
සමගි ජන බලවේගයේ ව්‍යාපෘති සහ පර්යේෂණ අංශයේ විශේෂ වගකීමක් ඒ මහතාට පැවරෙනු ඇත.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග