රනිල් වික්‍රමසිංහ යනු දිරච්ච ගසක් සේ කඩා වැටුණු දේශපාලකයෙක් බව සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
රනිල් වික්‍රමසිංහ වැන්නෙක් පාර්ලිමේන්තු පැමිණීම සමගි ජනබලවේගයට කිසිසේත්ම අදාල නැති බවත්, තමන් එය ප්‍රශ්නයක් ලෙස නෙදකින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඔහු සමග එක්වීමට සමගි ජනබලවේගය තුළ නම් කිසිවෙක් නැති බවත්, තමන් විසින් අත්හැර පැමිණි එක් පුද්ගලයෙක් පසුපස නැවත දුවන්නට කිසිවෙකුට පිස්සු නැති බව ඔහු වැඩිදුරටත් පවසයි..
සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ විශේෂ රැස්වීමකින් අනතුරුව විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍යවේදීන් අමතමිනි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්