එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවත් මාසයක් හෝ දෙකක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දෙනු ඇති බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
“අපි ඇතැම් දේශපාලන උපායන් උපක්‍රම නියමිත වෙලාවට අපි ක්‍රියාත්මක කරනවා. පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය ඒකමතික තීන්දුවක් අරගෙන තිබෙනවා ඒ අසුන නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. ඒකෙ කිසිම වාද විවාදයක් නෑ.
වෙනත් දේශපාලන මත දරණ අය වුණත් මේ වෙලාවෙ කල්පනා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ධුරය දරලා පාර්ලිමේන්තුවට යායුතුයි කියලා. එතුමා මං හිතනවා තව මාසයක් එකහමාරක් දෙකක් යනකොට නියෝජනය කරයි කියලා පාර්ලිමේන්තුව” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (14) ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ